මහ වැස්සේ බන්ධනාගාර බසයක් පෙරළෙයි

මන්නාරම සිට වවුනියාව දක්වා ධාවනය කළ බන්ධනාගාර බස් රථයක් පෙරළීමෙන් බන්ධනාගාර බස් රථයේ ගමන් කළ රැඳවියන් තිදෙනෙකු හා බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (15) සවස මෙම අනතුර සිදුව තිබෙන අතර අදාළ බස් රථය මන්නාරම සිට වවුනියාව දක්වා ගමන් කිරීමේදී මන්නාරම සිරුනාවක්කුලම ප‍්‍රදේශයේදී පෙරළි ගොස් ඇති බවයි වාර්තා වුණේ.

පැවති අධික වර්ෂාවත් සමඟ බන්ධනාගාර බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිළිහී ගොස් මෙම අනතුර සිදු ව ඇති බවත් පැවසෙනවා. 

අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව හා මන්නාරම රෝහල් වෙත ඇතුළත් කොට ඇති බවද සඳහන්.






EmoticonEmoticon