අරණායක ප්‍රදේශයේ නොදත් ඇත්තක් එළියට

නායයාමට ලක් වූ අරණායක සාමසර ප‍්‍රදේශය මීට වසර සිය ගණනකට ඉහතදී නායගිය ස්ථානයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා හා භුගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය කපිල දහනායක මහතා පවසනවා. 

සාමසරකන්ද ආශි‍්‍රතව විශාල පරිමාණයේ නායයාමක් යළි සිදු නොවනු ඇති බවයි මහාචාර්ය කපිල දහනායක මහතා පෙන්වා දෙන්නේ.

නායයාමක් සිදුවීමේදී ස්වභාවික වශයෙන් සිදුවිය යුතු කරුණු කිහිපයක් ඇති බවත් ඒවා සිදුවීමට වසර සිය ගණනක් ගතවන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

එබැවින් අදාළ ප‍්‍රදේශවල සුළු වශයෙන් පස්කඩා වැටීම් කිහිපයක් පමණක් සිදුවිය හැකි බවට එම ප‍්‍රදේශය කළ ස්ථානීය පරීක්‍ෂණයකින් අනතුරුව මහාචාර්ය කපිල දහනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

වසර ගණනාවක් තිස්සේ පවතින ස්වභාවික කි‍්‍රයාවලියක් වශයෙන් විශාල පාෂාණ තට්ටු අතරේ ජලය ගලාගොස් භූගතව පාෂාණ දිරාපත්වි මැටි බවට පත්වන බවත් ඒවා දීර්ඝ කාලයකදී වියළී යන බවත් හෙතෙම පෙන්වා දුන්නා. 

එහෙත් දිගින් දිගටම පාංශු ස්ථරය තුළින් ජලය ගලායාම නිසා ඉහළ කොටසේ මැටි, ජලය සමග මිශ‍්‍රවී පරිමාව ඉහළයාමෙන් එය පුපුරා නායයාම් සිදුවන බවයි මහාචාර්ය කපිල දහනායක මහතා පෙන්වා දුන්නේ. 

අරණායක ප‍්‍රදේශයේ සිදුවූ නායයාම කිලර් ලෑන්ඩ් ස්ලයිඩ් වශයෙන් හඳුන්වන දරුණු ඝනයේ නායයාමක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.


EmoticonEmoticon