ගමට යන මග ඉනිමඟක් කරගත් ගමක්

කටුක දුෂ්කර ගමනකින් පසු පාසලට යන දරුවන් පිරිසක් පිළිබඳව වූ පුවතකට පසුගිය දා ලෝකයේම අවධානය යොමු වී තිබුණා.

මීටර 800 ක් තරම් වූ ඉහළ කඳු මුදුණක ජීවත් වෙන ඔවුන් කඳු පාමුළ ඇති පාසල වෙත යන්නේ ඉහළ සිට පහළ දක්වා ඇති ඉනිමඟක් ඔස්සේ බසිමිනි.  

චීනයේ සීචුආන් පළාතේ 'අටුලීර්' නමැති මෙම ගම්මානයේ ජීවත් වෙන වැසියන්ගේ දරුවන්ට මෙම ඉරණමට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ ඔවුන් සීඝ්‍ර බෑවුමක් සහිත කඳු මුදුණේ ජීවත් වෙන නිසාවෙනි. ඔවුන්ගේ ගම්මානයට ළඟා වීමට ඇති එකම මඟ මෙය වනවා. 

මෙම ගම්මානයේ ජීවත් වෙන වැසියන් කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් වන අතර ගම්මානයේ ප්‍රධානියා විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත්තේ මෙම ඉනිමඟේ ගමන් කරද්දී ඇතැම් වැසියන් ඇද වැටුනු අවස්ථාද ඇති බවයි. 





EmoticonEmoticon