නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා අපහසුතාවට පත්වන අයුරින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විරෝදය පළ කර තිබෙනවා.
සාම්පූර් ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ සඳහා විශාල මෙහෙවරක ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා නාවික හමුදාව සිදුකළ මෙහෙවර පිළිබඳව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවබෝධයකින් පසුවූයේද යන්න සැක සහිත බවද අවධාරණය කර තිබෙනවා.
සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ගේ විද්‍යාගාර පහසුකම් දියුණු කිරීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා ඇතුළු නාවික හමුදා නිලධාරීන් එදින එම විද්‍යාලයට විශාල ප්‍රදානයක් සිදුකර ඇති බව රුවන් විජයවර්ධන මහතා පෙන්වා දෙනවා.
රණවිරුවන් අපහසුතාවට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් ලබා නොදෙන බව සඳහන් කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන්ගේ අභිමානය ආරක්ෂාකිරීම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව අවධාරණය කර තිබෙනවා.

EmoticonEmoticon