ජල ගැලීම්වලින් විපතට පත්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (22) දහවල් වැල්ලම්පිටිය, මීතොටමුල්ල සහ කොලොන්නාව යන ප‍්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ පළමුව වැල්ලම්පිටිය ප‍්‍රදේශයට ගිය ජනාධිපතිවරයා වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලයේ සිටින අවතැන් වූ ජනතාවගේ සුවදුක් සොයා බැලූ බවයි.
ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.
මීතොටමුල්ල ධර්මෝදය විහාරස්ථානයට සහ කොලොන්නාව නාගවනාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිවරයා එහි සිටි අවතැන් ජනතාවගේ සුවදුක් සොයා බලා තිබෙනවා.

EmoticonEmoticon