වාහන මිල වැඩි කිරීම ගැන සැඟවුණු රහසක් ඇමති ජෝන්ගේ කටින් පනී -

බදු ඉහළ නංවමින් ආනයනික මෝටර් රථවල මිළ ඉහළ දැමීමට හේතුව ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද (30) හෙළි කළා. 

“මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් මෝටර් රථ පාවිච්චි කරන නිසා. ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා සහ ත්‍රිරෝද රථ සංගම්වල ඉල්ලීම නිසා.“ යි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.


EmoticonEmoticon