හංවැල්ලේ හදිසි ආපදා තත්ත්වයක්

කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල පොලිස් වසමේ වනහගොඩ පහළ හංවැල්ල සහ ඇඹුල්ගම යන ප‍්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර කොළඹ අවිස්සාවේල්ල පරණ පාර ද ජලයෙන් යටවී තිබෙනවා. 

තවද පහළ හංවැල්ල ප‍්‍රදේශයේ මාර්ගය කැළණි ගඟට ගිලා බැසීමේ අවදානමක් ඇති බැවින් මාර්ග සංවර්ධන අධිකාරියේ ද අනුමැතිය ඇතිව තාවකාලිකව මාර්ගයේ රථවාහන ගමනාගමනය අත්හිටුවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)


EmoticonEmoticon