දකුණු පළාත් සභාවේ බල අරගලයක් සිදුවිය හැකි බවට පළ වන ඉඟි සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ තමන් එවැන්නක් අපේක්ෂා නොකරන බවයි.
දකුණු පළාත් සභාවේ සංයුතියට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 33ක් හිමිව ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ආසන 15ක් පමණයි.
ජනතා විමුක්ති පෙරමුණට ආසන 5ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 3ක්ද හිමිව තිඛෙනවා.
දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වන වීරසුමන වීරසිංහ මහතා සහ ධීවර අමාත්‍යවරයා වන ඩී.වී. උපුල් යන මහත්වරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වය නියෝජනය කරනවා.
ඔවුන් දෙදෙනාම පසුගිය මැයි දිනයේදී සිය ජනතාව සමග සහභාගි වූයේ ද කිරුළපන රැළිය සඳහායි.
මේ අතර සිය අමාත්‍ය ධුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වෙනත් අයට ලබාදීමට කටයුතු කළහොත් සන්ධානයේ මන්ත්‍රීවරු 26 දෙනෙක්ගේ විරෝධය ඊට එල්ල වනු ඇතැයි අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළා

EmoticonEmoticon