ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (06) මැලේසියාව බලා පිටත්ව ගියා.
මෙම තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග ලබන ඉරිදා මැලේසියාවේ ක්වාලා ලාම්පූර් හිදී ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතරයි. දෙවන තරගය මැලේසියාව සහ පිලිපීනය අතර පැවැත්වෙනවා.
ආසියානු රග්බි ශුරතා තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය මැලේසියාව සමග ලබන 11 වෙනිදා පැවැත්වීමට නියමිතයි.
ශ‍්‍රී ලංකාව සහ පිලිපීනය අතර තරගය ලබන 14 වෙනිදා පැවැත්වෙනවා.
EmoticonEmoticon