හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අද (02) ඉවත් කෙරුණා. ඉන් අනතුරුව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ ඉවත් කෙරුණු හමුදා සෙබළුන්ට සමාන එස්. ටී. එෆ් භටපිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති බවයි.
මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
එහි සඳහන් කර තිබෙන්නේ මෙතෙක් කල් ආරක්ෂාව ලබා දුන් සියලුම හමුදා නිලධාරින්ට ඔහු හදවතින්ම ස්තුතිවන්ත වන බවත් ඔවුන්ගේ සේවය ඉමහත් ගෞරවයෙන් අගය කරන බවත්ය.
එම සටහන පහතින් බලන්න

EmoticonEmoticon