වකුගඩු ජාවාරම නිසා රාජ්‍ය නිලධාරීන් දෙන්නෙක්ට උසාවි එන්න වෙයි -

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දියානු ජාතිකයෙකු මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයෙන් පලා යාම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ආගමන විගමන පාලකවරයාට සහ මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අද (02) නොතීසි නිකුත් කෙරුණා. 

මැයි මස 16 වෙනිදා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ. 

අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටියේ අදාළ රැඳවුම් මධ්‍යස්ථානය ආගමන විගමන පාලකවරයා යටතේ පවතින බවයි.

ඊට ආරක්ෂාව ලබාදෙන්නේ මිරිහාන පොලිසිය විසින්. 

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සිදුවූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. 

මේ වන විට ඔවුන්ගෙන් එක් අයෙකු පලාගොස් තිබෙනවා.

ඉතිරි සැකකරුවන් හත් දෙනා ලබන 16 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 


EmoticonEmoticon