ඇතැම් ආහාර වැට් නිදහස් ලැයිස්තුවෙන් හැලෙයි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කරන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස නම් කර පාලන මිලක්ද නියම කළ ආහාර රැසකට වැඩි කළ වැට් බද්ද අදාළ කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස නම් කර පාලන මිලක් නියම කෙරුණු ආහාර ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ කුකුළු මස්, හාල් මැස්සන්, කට්ට කරවල, සාලයා කරවල, පරිප්පු, කඩල, මුං ඇට, කිරිපිටි, සුදු සීනි, තිරිඟු පිටි, උළුදු, කොත්තමල්ලි, උම්බලකඩ, කහ, වියළි මිරිස් සහ ටින් මාලූයි. 
 
මීට අමතරව සිමෙන්තිද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස නම් කර පාලන මිලක් නියම කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. 


EmoticonEmoticon