වෛද්‍යවරු අද රටපුරා උද්ඝෝෂණ කරති

රට පුරා රෝහල් ගණනාවක අද (03) දහවල් උද්ඝෝෂණ සිදු කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. 

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සංවිධාන කෙරුණු පාගමනකදී වෛද්‍ය සිසුන්ට පොලිසිය ඉකුත් දා එල්ල කළ ජල හා කඳුලු ගෑස් ප‍්‍රහාරයන්ට විරෝධය පළ කිරීම සඳහා මෙම උද්ඝෝෂණ සිදු කරන බවයි එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ.  

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පිරිසක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේද අනුමැතිය නොමැතිව වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමට උත්සාහයක් පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 
 
කොළඹ අද (03) පවත්වන මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු අනාවරණ කරන බවයි එහි ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේ. 


EmoticonEmoticon