රේගුවට පාඩුයි

වාහන ආනයනය නතර කිරීමට ආනයනකරුවන්ගේ සංගමය ගත් තීරණය මෙරට ආර්ථීකයට සෘජු බලපෑමක් ඇති නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.


කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා  සඳහන්  කළේ නුදුරු දිනක ඔවුන් යළිත් වාහන ගෙන්වීම ආරම්භ කරනු ඇති බවයි.


වාහන ගෙන්වීම සඳහා වැය වන්නේ මෙරට විදෙස් සංචිත බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී  ප්‍රකාශ කළා.


වාහන ආනයනය නතර කිරීම නිසා රේගුවට සියයට හතළිහක පනහක පමණ ආදායමක් අහිමිවන නිසා එක් අංශයකින් පාඩු සිදුවන බව ද ඔහු පෙන්වා දෙනවා.


EmoticonEmoticon