ලන්ඩන් නුවරට පළමු වරට මුස්ලිම් නගරාධිපතිවරයෙක්

එංගලන්තයේ ලන්ඩන් නුවරට පළමු වරට මුස්ලිම් නගරාධිපතිවරයෙකු තේරීපත්ව තිබෙනවා.


ඒ, ලේබර් පක්ෂයෙන් තරග කළ සදීක් ඛාන්.


සෙසු නගර බොහෝමයකදී ලේබර් පක්ෂය දරුණු පසුබෑමකට ලක්ව තිබුණා.


එසේ තිබියදී සදීක් ඛාන් ලැබූ ජයග්‍රහණය එම පක්ෂයට ධෛර්යයක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.


කොංග්‍රස් පක්ෂයෙන් ලන්ඩන් නුවර නගරාධිපති ධුරය සඳහා තරග වැදුණේ ටෝරි සැක් ගෝල්ඩ්ස්මිත්.


සමස්ත ප්‍රතිඵලයට අනුව සදීක් ඛාන් ප්‍රකාශිත ඡන්දවලින් සියයට 56.8ක් ලබාගත්තා. ගෝල්ඩ්ස්මිත්ට හිමි වූ ඡන්ද ප්‍රමාණය සියයට 43.2ක්.


EmoticonEmoticon