අම්බුළුවාව කුණු කන්දට එරෙහිව ප‍්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (14) රාත‍්‍රියේ එම ස්ථානයේ විරෝධතාවක නිරත වුණා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අම්බුළුවාව කුණු කන්ද පරීක්ෂා කිරීම සඳහා ඊයේ පස්වරුවේ ගම්පොල නගර සභාවේ නිළධාරීන් පිරිසක් පැමිණි බවයි.
අම්බුළුවාව කන්දට කුණු බැහැර කිරීමට ජනතාව ඉඩ නොදෙන්නේ නම් බලහත්කාරයෙන් හෝ එය සිදු කරන බව අදාළ නිළධාරීන් එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.
ඊට එරෙහිව ප‍්‍රදේශවාසීන් මෙම විරෝධතාව ආරම්භ කළා. එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ අම්බුළුවාව කන්දට කුණු බැහැර කිරීම නතර නොකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි.
Subscribe to:
Post Comments (Atom)





EmoticonEmoticon