තමිලිනීගේ කෘතිය යුද සාහිත්‍යයේ ආරම්භය ද?

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු දේශපාලන අංශ නායිකා තමිලිනී ජෙයකුමාරන් විසින් රචිත ‘‘තියුණු අසිපතක සෙවණ යට’’ කෘතිය මෙරට යුද සාහිත්‍යයේ ආරම්භය විය හැකි බව ප‍්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා පවසනවා.

කෘතිය දොරට වැඩීම සඳහා කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ 'යුද්ධයෙන් විමුක්තිය කරා යාමට හැකියාව තිබේ ද?' යන පැනයට මෙම කෘතියෙන් පිළිතුරු ලැබෙන බවයි.

තමිලිනී රෝහල් ගත කළ අවස්ථාවේදී සහ ඇය මියගිය විට මෙරට දේශපාලඥයන් ඇතුළු පිරිස් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන්ද ධර්මසිරි බණ්ඩාරනායක මහතා  අදහස් දැක්වූවා. එහිදී හෙතෙම සඳහන් කළේ ඇතැම් දේශපාලනඥයින් මනුෂ්‍යයෙකුට තිරිසනෙකුගේ නමක් යොදා කතා කළ බවයි.



EmoticonEmoticon