ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා.
හෙට රජයේ නිවාඩු නැහැ
2016-05-01 05:56:34
ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.

EmoticonEmoticon