තිරප්පනේ පොලිස් වසමෙහි සෙලෙස්තිමඩුව ප‍්‍රදේශයේ මෝටර් රථයක් තුල තිබියදී සොයා ගැනුනු වෙඩි වැදී මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට නියෝග කර තිබෙනවා.
වෑන් රථයක් තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදි තිරප්පනේ පොලිසිය මගින් ඊයේ(30) සොයා ගැනුනේ නොචිචියාගම පදිංචිකරුවන් වන යුධ හමුදා විශේෂ බලකායේ හිටපු සෙබළ සරත් බණ්ඩාර නොහොත් එස්.එෆ්.බණ්ඩා, යූ. සමන් කුමාර සහ ගාල්ල ගිංතොට පදිංචි ප‍්‍රදීප් කුමාර යන තිදෙනායි.
මිය ගොස් සිටින මෙම තිදෙනා අතරින් සරත් බණ්ඩාර දැනට අනුරාධපුර මහාධිකරණයේ පවතින මිනී මැරුම් නඩු දෙකක සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින තවත් අපරාධ නඩු නවයක විත්කිකරුවෙක් වනවා.
ඊට අමතරව තඔුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් අධිකරණ වල පවතින ගිනි අවි පෙන්වා කප්පම් ලබා ගැනීම ඇතුලූ තවත් අපරාධ නඩු දහයකද ඔහු විත්තිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මීට දෙවසරකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ත්‍රස්තවාදී සැකකරුවන් දියත් කළ විරෝධතාවයට නායකත්වය දුන්නේද ඔහු බවයි වාර්තා වන්නේ.





EmoticonEmoticon