නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.
නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.
නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.
මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

EmoticonEmoticon