යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කරමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී සැමරුම් වැඩසටහන් සංවිධාන කෙරුණද ඒ හරහා ජාතිවාදය ඇවිස්සීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.
අදාළ සැමරුම් උත්සවය ලබන 18 වෙනිදා පවත්වන බවයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් මහතා ප‍්‍රකාශ කළේ. වැඩසටහන සංවිධාන කිරීම සඳහා 8 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කර තිබෙනවා. යුද්ධයෙන් මියගිය අය සිහිකිරීමේ සතියක් අද (12) සිට නම් කරන බවද ඒ මහතා ප‍්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සැමරීම සඳහා සියලුදෙනාටම අවස්ථාවක් හිමිවිය යුතු බවයි.
එහෙත් එය ජාතිවාදය ව්‍යාප්ත කිරීම සඳහා අවස්ථාවක් කර නොගත යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ. උතුරේත් දකුණේත් ජාතිවාදීන් තවදුරටත් සිටින බවයි මනෝ ගනේෂන් මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
EmoticonEmoticon