වැඩි කෙරුණු වැට් බද්දෙන් ජල ගාස්තුව නිදහස් කරන බවට මුදල් අමාත්‍යාංශයෙන් තවමත් දැනුම්දීමක් ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා කියා සිටියේ එවැනි දැනුම් දීමක් නොලැබුනහොත් වැඩි කළ වැට් බද්ද මෙම මාසයේ සිට ජල ගාස්තුවට එක්වන බවයි.
එසේ වුවහොත් මෙතෙක් සියයට 11ක් ව තිබූ වැට් බද්ද තවත් සියයට 4කින් වැඩිවනු ඇති බවයි කේ.ඒ. අන්සාර් මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කොළඹ ඊයේ (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඇය කියා සිටියේ ජල ගාස්තුව වැඩි කිරීමට තමන්ද පෞද්ගලිකව අකමැති වුවත් බදු අය කරන්නේ ජනතා සේවයට බැවින් ඊට එකඟ වීමට සිදුවන බවයි.
EmoticonEmoticon