පිරිසිදු දේශපාලන භාවිතයක නිරතවීමට තමන්ට එකඟතාවය පළ කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 18 දෙනෙකුගේ නම් මාර්තු 12 ව්‍යාපාරය විසින් අද(05) ප‍්‍රසිද්ධියට පත් කළා.
ඔවුන් 18 දෙනා මූලික නිර්නායක පහකට එකඟතාවය පළ කළ බවයි මාර්තු 12 ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එම 18 දෙනාගෙන් 14 දෙනෙකුම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් 04 දෙනෙක් පමණක් මාර්තු 12 ව්‍යාපාරය සමග අත්වැල් බැඳගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම පිරිස පිරිසිදු දේශපාලඥයෙකු ලෙස වගකීමෙන් යුතුව තවදුරටත් තම කාර්යය ඉටු කරන්නේනම් සෙසු පිරිසද මේ සඳහා එකතු කරගත හැකි බවයි මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.
පිරිසිදු දේශපාලනයක් සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පෙළගැස්ම ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් නම් කළ මහජන නියෝජිතයන් 18 දෙනාගේ නම් පහතින් දැක්වෙනවා.

EmoticonEmoticon