අනතුරේ තුවාලකරුවන් රෝහලෙත් නැහැ පොලිසියෙත් නැහැ

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදී තාප්පයක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා. අද (05) උදෑසන 8.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවට සාක්ෂි පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ කිසිවෙකුත් රෝහල් ගත වී නොමැති අතර අනතුර සිදු කළ රියදුරු විසින් එම රිය අනතුර පිළිබඳව මෙතෙක් පොලිසියටද වාර්ථාකර නොමැති බවයි.



EmoticonEmoticon