මැයි පළමු වැනිදා (01) අධිවේගී මාර්ගවල ධාවනය වූ වාහනවලින් මුදල් අය නොකිරීම නිසා රජයට රුපියල් මිලියන විස්‌සක පමණ ආදායමක් අහිමිවී ඇති බව මහා මාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.
දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග දෙකෙහි ගමන්ගත් වාහනවලින් පෙරේදා (1 දා) කිසිදු මුදලක් අය නොකළ බව ඔහු සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඔහු පැවසුවේ එදින දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් වාහන 61,583 ක් ගමන් කර තිබෙන බවත් මෙයින් 6469 ක්‌ම බස් රථ ලෙස සඳහන් වී තිබෙන බවයි.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ වාහන 22,700 ක් ගමන් කර තිබෙන අතර මෙයින් 1845 ක්‌ම බස් රථ බවද පැවසෙනවා.
ගාස්‌තු අය නොකිරීමත් ,ගාල්ලේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළියක් නිසා මෙලෙස වාර්තාගත වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති අතර ගාස්‌තු අය කළේ නම් රුපියල් මිලියන 20 ක පමණ ආදායමක් රජයට උපයා ගැනීමට හැකියාව තිබුණ බවද අමාත්‍යාංශ නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළා.
උපුටා ගැනීම - දිවයින
EmoticonEmoticon