උතුරු මහ ඇමති ඇතුලු පිරිසකට නොතීසි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ඇතුළු සිව් දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මැයි මස 12, 13 සහ 17 යන දිනයන් හිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇති බවයි.

ඉලංගෙයි තමිල් අරුසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් සහ එම පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් යන මහත්වරුන් එලෙස නොතීසි නිකුත් කෙරුණු අනෙක් පිරිසයි. ෆෙඩරල් පාලනයක් ඇති කළයුතු බවට යෝජනාවක් සම්මත කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් ගොණු කළ පෙත්සමකට අදාළව මෙම නොතීසි නිකුත් කිරීම සිදුකර තිබෙනවා. 


EmoticonEmoticon