රැළි අතහැර වතුකම්කරුවන් උද්ඝෝෂණයක (PHOTOS)

අදට (01) යෙදී ඇති මැයි දිනය සැමරීම වෙනුවට වතුකරයේ කම්කරුවන් පිරිසක් හැටන් බස් නැවතුම්පොළ අසළ විරෝධතාවයක නිරත වෙනවා.

තම වැටුප ඇතුලු වතු නිවාස සහ ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් කලු පටි පැළඳ මෙම පිරිස උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.

තම අයිතිවාසිකම් ලබා දෙන බවට පවසමින් වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් තම ජන්දය ලබා ගත්තද තමන්ගේ අයිතිවාසිකම් ලබා දීමට ඔවුන් අපොහොසත් වි ඇති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ. 

දේශපාලඥයන් ඔහුන්ගේ වෘත්තිය සමිති බලය පෙන්වීම සඳහා පමණක් මැයි දින රැළි පවත්වන බවත් ඊට බොහෝ වතු කම්කරුවන් මුලාවී ඇති බවත් උද්ඝෝෂණයේ නියැලී සිටින වතුකම්කරුවන් පවසා සිටියා. 






EmoticonEmoticon