කොළඹට වෙනම බස් ගාස්තු ක‍්‍රමයක් ඉල්ලයි

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට වෙනම ගාස්තු ක‍්‍රමයක් හඳුන්වාදිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊට ගැලපෙන පරිදි බස් ගාස්තුව තීරණය කෙරෙන මිල සූත‍්‍රය ද සංශෝධනය කළ යුතු බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. 

මීට වසර 15 කට ප්‍රථම මෙවැනි මාර්ග තදබදයක් නොතිබූ බවත් එහෙත් අදවන විට හඳුනාගෙන ඇති නාගරික පෝෂක මාර්ග තුළ මෙවැනි අධික මාර්ග තදබදයක් පවතින බවත් සඳහන් කළා. එම මාර්ගවල බස් ධාවනය කිරීමේ දී අධික ඉන්ධන දහනයක් සිදු වෙන බවත් ඒ හේතුවෙන් එම බස් රථ සඳහා සාධාරණ මිලක් හිමිවිය යුතු බවත් පැවසුවා.

මේ අතර පාලනයක් නොමැතිව වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම නිසා බස් මගීන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඉකුත් වසරේදී පමණක් බස් මගීන් ලක්ෂ 6 කට ආසන්න ප‍්‍රමාණයක් අඩු වී ඇති බවයි ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. 


EmoticonEmoticon