මැයි දින කැලිකසළින් දක්ෂිණ අධිවේගය වැසෙයි

කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (01) දිනය පුරා රට වටේම විවිධ සැමරුම් උත්සව රැසක් පැවැත්වුණා.

ඒ සියල්ලකින්ම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කර තිබූ මැයි දින රැළි හා පෙළපාලි යි. එහෙත් මැයි දිනය වූ ඊයේ දිනය තුළ නොදැක්ක දෙයක් අද දිනයේ බොහෝ දෙනෙකුට දකින්නට සහ විඳින්නට සිදුවුණා.

ඊයේ මැයි දින රැළි සහ පෙළපාලි සඳහා පැමිණි පිරිස් විසින් භාවිතා කර ඉවත දමා තිබූ විවිධ කැලිකසළ දක්ෂිණ අධිවේගී මාර්ගය පුරා විසිරී ගොස් ඇති ආකාරය මෙලෙස අද දවසේ පැහැදිළිව කැමරාවට හසුවී තිබුණා.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අවට විසිරී ගොස් ඇති එම කැලිකසළයි. මේ අයුරින්ම අධිවේගී මාර්ගය තුළත් විවිධ අපද්‍රව්‍ය සහ කැළිසකළ රැසක් දකින්නට ලැබුණත් ඒවා කැමරාවට හසුකර ගන්නට නොහැකි වී තිබුණේ අධිවේගී මාර්ගය තුළ මෝටර් රථය නවතා ඡායාරූප ගැනීමට නොහැකි වීම නිසාවෙනි.

(ඡායාරූප පහතින් දැක්වේ.)







EmoticonEmoticon