දූෂණය පිටු දැකීමට ශ‍්‍රී ලංකාව කැපවනවා - ජනපති

දූෂණය පිටු දැකීමට ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවති දූෂණ විරෝධී සමුළුව අමතමින්. 

“දූෂණය දේශපාලන භීෂණය වගේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳවත් බරපතල චෝදනා සහිත යුගයක් ශ‍්‍රී ලංකාව පසු කරා. පසුගිය පාලනය ප‍්‍රතික්ෂේප කරමින් මේ රටේ ජනතාව 2015 පැවති ජනාධිපතිවරණයේදී යහපාලන රජය බලයට පත් කර ගත්තේ දූෂිත පාලනයෙන් මිදීමේ සැබෑ අවශ්‍යතාවය මතයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම යන ප‍්‍රතිපත්ති මත පත්වූ රජයක් ලෙස දූෂණය රටින් තුරන් කර දැමීම අපේ අරමුණයි. ඒ සඳහා වැදගත් පියවර රැසක් මේවන විටත් ගෙන අවසන් කරලයි තිබෙන්නේ. 

මම සතුටු වෙනවා 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීමට හැකිවීම සම්බන්ධයෙන්. ජනාධිපතිවරයා සතුව තිබූ විධායක බලය සීමා සහිත කිරීමට මේ තුලින් හැකියාව ලැබුණා.“ 



EmoticonEmoticon