ජපානය ශ්‍රී ලංකාවට තුති පුදයි

කුමමොතෝ ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවූ භූ කම්පනයෙන් තවමත් අවතැන්ව සිටින ජනතාව සඳහා ආහාර සහ වෙනත් අධාර ලබාදෙමින් එහි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සිදුකරන මෙහෙය සම්බන්ධයෙන් ජපානය සිය ස්තූතිය පළ කරනවා. 

අවතැන්වූවන් ට්විටර් සටහන් ඔස්සේ ප‍්‍රකාශ කර තිබුණේ ඇතැම් ශ‍්‍රී ලාංකිකයින් කිලෝමීටර් 1200කටත් වඩා වැඩි දුරක් ගෙවා තමන් වෙත ආහාර සහ ආධාර රැගෙන එන බවයි. 

ශ‍්‍රී ලංකා ධජය සහිත බස් රථවලින් ආධාර රැගෙන එන ආකාරය දැක්වෙන ඡායාරූප ඇතැම් ට්විටර් සටහන්වල ඇතුළත්ව තිබෙනවා. 

අදාළ භූ කම්පනය සිදුවුණේ ඉකුත් අප්‍රේල් මස 13 වෙනිදායි. මෙයින් අවතැන් වූ දසදහසකට වැඩි පිරිසක් තවමත් පාසල් සහ නගර සභා ගොඩනැගිලිවල ජීවත් වන බව බී.බී.සී. ලෝක සේවය පවසනවා. 





EmoticonEmoticon