ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු ගතවූ මාස 15දී ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාව ලබාගත් උපක‍්‍රමික ජයග‍්‍රහණ දැන් වේගයෙන් ක්ෂය වෙමින් ඇත්දැයි ‘‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ පුවත් සේවය සැක පළ කරනවා.
ඔවුන් පළ කළ වාර්තාවක දැක්වෙන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද සහභාගී වන එරට පැවැත්වෙන බහු ආගමික උත්සවයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වීමට නියමිත බවයි.
මෙම සංචාරය සිදුවීමට නියමිතව ඇත්තේ ගතවූ මාස 15දී ශ‍්‍රී ලංකාව තුල ඉන්දියාව ලබාගත් උපක‍්‍රමික ජයග‍්‍රහණ වේගයෙන් ක්ෂය වෙමින් තිබියදී බවද එහි දැක්වෙනවා.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබීමට යෝජනා වූ එට්කා ගිවිසුමට ශ‍්‍රී ලංකාවේ දැඩි විරෝධයක් පැන නැගී තිබෙන බවද අදාළ වාර්තාවේ සඳහන්.
මේ නිසා එට්කා ගිවිසුමට අනිවාර්යයෙන් අත්සන් තබන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුණද එසේ කිරීමට නම් ඔහුට පවතින විරෝධයන් හමුවේ ප‍්‍රබල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවන බවද ‘‘ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’’ පුවත් සේවය පවසනවා.
ඉන්දියාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවේශය මේ ආකාරයෙන් වුවද චීනය ඉන්දියාවට වඩා නැවත වරක් ශ‍්‍රී ලංකාවේ අධිකාරිය පතුරුවා ඇතැයි සැක උපදින බවයි මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.
තාවකාලිකව නතර වූ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට චීනයට හැකිවීම ඊට උදාහරණ ලෙස දක්වා තිබෙනවා.
EmoticonEmoticon