ත්‍රීරෝද රථ සඳහා ආසන පටි පැළැඳීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ අවධානය මේ වන විට යොමු ව තිබෙනවා.
පසුගිය කාලයේදී සිදු වූ බොහෝ ත්‍රීරෝද රථ අනතුරුවලින් ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු එහි ගමන් ගත් බොහෝ දෙනෙකුට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවුණා. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම හරහා ත්‍රීරෝද රථ අනතුරු අවම කර ගැනීමට අවස්‌ථාව සැලසෙන බවත් එම අනතුරුවලදී සිදුවෙන ජීවිත හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් එම ජාතික සභාවේ මතය වී තිබෙනවා.
ඉදිරියේදී මේ සම්බන්ධව වැඩි දුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරනවා.
EmoticonEmoticon