බොරැල්ල කැම්බල් පිටියේ දී ඊයේ (01) පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැළි වේදිකාවට ජනප්‍රිය ගායක යුවලක් වන රූකාන්ත සහ චන්ද්‍රලේකා ගේ දියණිය වූ රයිනි චාරුකා ගුණතිලක එක් වුණා.
ඇය එහිදී පැමිණ සිටි පිරිසගේ රසවින්දනය වෙනුවෙන් ගීත ගායනා කළා.
කෙසේවෙතත් ඊයේ දිනයේ රයිනි එසේ ගොඩ වී ඇත්තේ දේශපාලන වේදිකාවකට බව දැනගෙන තිබෙන්නේ ගීත ගායනා කිරීමෙන්ද ටික වේලාවකට පසුවයි.
රයින් සිය සමාජ ජාල මිතුරු මිතුරියන්ට මේ පිළිබඳව කෙටි පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ කිසිඳු දේශපාලන පක්ෂයකට සහය දීමේ අරමුණක් තමා තුළ නොතිබූ බවත් සංගීත ප්‍රසංගයක් යැයි සිතා තමා එම වේදිකාවට ගොඩ වූ බවයි. සිදුවීම වෙනුවෙන් ඇය සිය රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලීමටද කටයුතු කර තිබුණා.
(එම පණිවිඩය පහතින් දැක්වෙයි)

EmoticonEmoticon