එම කවුන්සිලය ඊයේ (11) රාති‍්‍රයේ නිවේදනය කළේ කුසල් ජනිත් පෙරේරාට නියම කර තිබූ තාවකාලික තරග තහනමද ඉවත් කළ බවයි. තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා ඉකුත් දෙසැම්බර් මාසයේදී තාවකාලික තරග තහනමකට ලක් වුණා.මේ හේතුවෙන් ඔහුට ඉකුත් ආසියානු කුසලාන තරගාවලියට මෙන්ම පන්දුවාර විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට ද සහභාගි වීමට අවස්ථාව හිමිවූයේ නැහැ. කෙසේ වෙතත් සිදුකෙරුණු පරික්ෂණවලදී කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබා නොගත් බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ඔහුගේ කළමනාකරු රවී ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
කුසල් ජනිත්ගේ තරග තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (12) දහවල් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද කැඳවා තිබෙනවා.
EmoticonEmoticon