ලංකාවේ දුර්වලතා එංගලන්තය දැන ගනී! - ශ්‍රී ලංකා පිල පිටත් වෙන්න සුදානම් -

ශ්‍රී  ලංකාව හා එංගලන්තය අතර  ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද  (4) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.


මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්වීමට පෙර ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආගමික වතාවත්වල නිරත වනවා.


මෙවර ශ්‍රී ලාංකිකයන්ට වඩාත් අභියෝගයක් බවට පත්ව ඇත්තේ එංගලන්ත ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු හා සහාය පුහුණුකරු ‍ මීට පෙර ශ්‍රී ලංකා පිල සමග කටයුතු කර ඇති නිසා ශ්‍රී ලංකා පි‍ලේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා මෙන්ම දක්ෂතාද හොඳින් දැන සිටීමයි.


කෙසේ නමුත් ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මීට පෙර සරේ ප්‍රාන්ත පි‍ලේ පුහුණුකරු ලෙස කටයුතු කළ නිසා නිසා එංගලන්ත තණතිලිවල ස්වභාවය ගැන හොඳ දැන සිටීම ශ්‍රී ලංකා පිලටද වාසියක් බවයි පැවසෙන්නේ.









EmoticonEmoticon