මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණහිට තිබුණා. ඒ සෙන්ට් ක්ලේයාර් ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අභියස වූ විශාල උණ පඳුරක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන්.
ප්‍රදේශවාසීන් හා තලවාකැලේ පොලීසියේ නිලධාරීන් එක්ව මාර්ගය අවහිර කරමින් වැටී තිබූ උණ පඳුර කපා ඉවත් කරන තුරු එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමාකර තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.






EmoticonEmoticon