චාවකච්චේරි සිද්ධියේ තවත් හෝඩුවාවක් හෙළිවේ

චාවකච්චේරි ප‍්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චි ප‍්‍රදේශයේදීයි.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 12ක්. 

මීට සම්බන්ධ ප‍්‍රංශයේ වෙසෙන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමටද ත‍්‍රස්ත විමර්ශන ඒකකය විමර්ශන සිදු කරනවා. 

මෙම පුපුරණ ද්‍රව්‍ය සමග පළමුව අත්අඩංගුවට ගත් සැකකරුට ප‍්‍රංශයේ වෙසෙන සැකකරු අදාළ භාණ්ඩ කිසියම් ස්ථානයකට ගෙන ගොස් එහි ඡායාරූප වයිබර් තාක්ෂණය ඔස්සේ තමන් වෙත යොමු කරන ලෙස දන්වා තිබෙනවා.  

ඒ සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවීමට ප‍්‍රංශයේ වෙසෙන පුද්ගලයා පොරොන්දු වී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.  


EmoticonEmoticon