වැල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයකින් අත්අඩංගුවට ගත් කතුන් අතර සිටි තායිලන්ත ජාතික කාන්තාවට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා.
වැල්ලවත්තේ වෙරළ පාරේ හතලිස් දෙවන පටුමගේ මෙම ගණිකා මධ්‍යස්‌ථානය පිහිටි බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ගණිකා මධ්‍යස්‌ථානයේ සිටි දේශීය කාන්තාවන් පස් දෙනෙකු සහ විදේශීය කාන්තාවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කර තිබුණා.
මෙම ගණිකාවන්ගේ පහස ලැබීම සඳහා විවිධ පුද්ගලයන් රැසක් පැමිණ ඇති අතර ඒඩ්ස් රෝගය වැළඳුණු තායිලන්ත ජාතික කාන්තාවද විශාල පිරිසක් සමඟ ලිංගිකව හැසිරී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබෙනවා.
සැකකාර කාන්තාවන් පිරිස මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන් අද (06 ) අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතයි.

EmoticonEmoticon