අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයින ආසන්න වායුගෝලයේ ස්ථාපිත වී ඇති කැළඹිලි ස්වාභාවය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම අඩු පීඩනය දිවයිනට ගිනිකොන දෙසින් ස්ථාපිතව පවතින බවයි. එය තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල කාලගුණ තත්වයට බලපෑම් කරමින් දිවයිනට ආසන්නව ගමනු කරනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ නිසා දිවයින සහ දිවයිනේ අවට මුහුදු ප‍්‍රදේශවල වැසි සහ සුළං සහිත කාලගුණ තත්වයක් තවදුරටත් බලාපොරොත්තු විය හැකියි. අහස වලාකුලින් බරව පවතින අතර දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


EmoticonEmoticon