හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර විමර්ශනයකින් පමණක් සාධාරණයක් බලාපොරොත්තු විය හැකි බවයි. යාපනයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමින් සිවාජිලිංගම් මහතා මේ බව ප‍්‍රකාශ කළා.
කෙසේවෙතත් සිවාජිලිංගම් මහතා සිදු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් සිදු නොකළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. රට බෙදා වෙන් කිරීම වෙනුවෙන් කතා කරන කෙනෙකුගේ අදහස් ආ නොගැටෙන බවත් පෙන්වා දුන්නා.
ඔහු පෙන්වා දෙන්නේ රට තුළ ත‍්‍රස්තවාදයක් ඇතිවීමට යළිත් කිසිදු ඉඩක් නොමැති බවයි. සූරියවැව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියා.

EmoticonEmoticon