දිනක් වයසැති බිළිඳු දරුවෙකු කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ ඇලකට විසි කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී දරුවා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ මව ඉකුත් 08 වනදා ඇයගේ බිළිඳු දරුවා මෙලෙස ඇල මාර්ගයට විසිකර ඇති බවයි.
අධික රුධිර වහනය හේතුවෙන් මාන්කුලම් රෝහලට ඇතුලත් ව සිටියදී මව අත්අඩංගුවට ගැනුණා.
33 හැවිරිදි ඇය පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.



EmoticonEmoticon