බි‍්‍රතාන්‍යයේ සහ ඉන්දියාවේ නිළ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) රාත‍්‍රියේ යළි දිවයිනට පැමිණියා.
නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ රාත‍්‍රී 10.40 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි බවයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා ලන්ඩනය බලා පිටත්ව ගියා. ඒ, දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීම සඳහායි. එහිදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ දූෂණය පිටු දැකීමට ශ‍්‍රී ලංකාව සැම විටම කටයුතු කරන බවයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාව බලා පැමිණියා. ජනාධිපතිවරයා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් සිදු වූයේ ඉකුත් සිකුරාදා රාත‍්‍රියේයි. ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පැවති කුම්භමේලා අති පවිත‍්‍ර දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද සහභාගී වුණා.
මේ අතර ජනධිපතිවරයා ඊයේ පස්වරුවේ ඉන්දියාවේ සාංචි විහාරයේ අනගාරික ධර්මපාල පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවටද එක්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළා.
ශ‍්‍රී ලංකා ඉතිහාසයේ හින්දු හා බෞද්ධාගමික සබඳතා වැඩි වශයෙන් ශක්තිමත් වූයේ පොළොන්නරුව යුගයේදීයි. එම සබඳතා ශක්තිමත් කරමින් පොළොන්නරුවෙන් බිහිවූ නායකයෙකු ලෙස ඉන්දීය රජය සමග කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඉන්දීය මධ්‍ය ප‍්‍රදේශයේ ප‍්‍රධාන අමාත්‍ය සිවරාජ් සිංග් චෞහාන් මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ගෞරවයක් ලෙස සාංචි විශ්ව විද්‍යාල ප‍්‍රවේශ මාර්ගය හා උද්‍යානය ඉදිරියේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා නමින් නම් කරන බවයි.
EmoticonEmoticon