මව සහ පියාගේ ආරවුලකට මැදි වූ බව කියන පාසල් සිසුවෙකු නිවසින් අතුරුදන් වී තිබෙනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කිරිමැටියාන ප‍්‍රදේශයේ පාසලක 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.
ඔහු කහටවිල පොතුවටවන ප‍්‍රදේශයේ සිය මව සහ පියා සමග වාසය කර තිබෙනවා. ඉකුත්දා දරුවාගේ මව නිවසින් බැහැරව ගොස් ඇත්තේ පියා සමග ඇතිකර ගත් ආරවුලකින් පසුවයි.
මව යළි නිවසට කැඳවා එන ලෙස දරුවා අවස්ථා කිහිපයකදීම පියාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාවන්වලදී පියා විසින් දරුවාට තරවටු කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේවෙතත් ඊයේ (04) උදෑසන දරුවා පාසල් ගොස් ඇති අතර ඔහු යළි නිවසට පැමිණ නැහැ.
ඒ සම්බන්ධයෙන් දරුවාගේ පියා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

EmoticonEmoticon