මැයි දිනය නිසා ලංගමට සරුයි

මෙවර මැයි දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් ලක්ෂ 450කට අධික මුදලක් උපයා ගත් බව එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මැයි පෙළපාළි සඳහා ජනතාව ප‍්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් කල්වේලා ඇතිව බස් රථ වෙන්කරවා ගත් බවයි. 

ඒ අනුව ඊයේ (01) දිනයේදී පෙළපාළි සඳහා ජනතාව ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් බස් රථ 3600කට අධික ප‍්‍රමාණයක් යෙදවූ බවයි රමාල් සිරිවර්ධන මහතා ප‍්‍රකාශ කළේ. 

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද කල්වේලා ඇතිව බස් රථ වෙන්කරවාගෙන තිබූ බවයි රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ.
 
එහෙත් අවසන් මොහොතේදී බස් රථ වෙන්කරවා ගැනීමට ඇතැම් මන්ත‍්‍රීවරුන් උත්සහ කළ ද එය සාර්ථක නොවූ බව ඒ මහතා කියා සිටියා.


EmoticonEmoticon