ඒකාබද්ධ වේදිකාවේ සිටි මන්ත‍්‍රීවරුන්ගේ ඉරණම ගැන මහින්ද කියයි -

ඒකාබද්ධ විපක්ෂයේ කිරුළපන රැළියට සහභාගී වූ මන්ත‍්‍රීවරුන්ට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කර තිබූ මැයි දින රැළියට කිරුළපනදී එක්වෙමින්.

මේ අතර නාමල් රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ යන අයටත් ඉදිරියේ දී විවිධ පරීක්ෂණ සඳහා පෙනී සිටීමට සූදානමින් සිටින ලෙසට ද තමා දැණුම් දුන් බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව විදේශ ණය ලබාගත්ත ද ඉන් කිසිදු සංවර්ධනයක් සිදුව නැතැයි  හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
.................................................................

මම ආවේ නිදහස් පක්ෂය නියෝජනය කරමින් - මහින්ද (UPDATE)

තමන් ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින වේදිකාවට ගොඩ වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මේවන විට කිරුළපණ ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මේවන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් රැළියක් ගාල්ලේ පැවැත්වෙන බවද සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා එහි ගිය ඇතැම් අය ගාල්ලට ගොස් කිරුළපණට පැමිණෙන බව තමන්ට දැණුම් දුන් බව ද කියා සිටියා.



EmoticonEmoticon