ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් නොබෝ දිනකදීම කැඳවනු ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ කිරුළපන පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගි වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගනු ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මැයි දින රැළියක් සංවිධානය කර තිබිය දී කිරුළපන රැළියට අදාළ පිරිස සහභාගී වීම නොසුදුසු ක්‍රියාවක් බවයි.

EmoticonEmoticon