කිසිදු වරප‍්‍රසාදයක් සඳහා රටට අහිතකර කොන්දේසිවලට ආණ්ඩුව එකඟ නොවන බව ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.
කෙසේවෙතත් ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා රටට හිතකර කොන්දේසිවලට එකඟවීම ගැටලුවක් නොවන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.
2010 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි කෙරුණු ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා සංගමය කොන්දේසි 58ක් ඉදිරිපත් කර ඇතැයි ඊයේ (09) වාර්තා වුණා. රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගෙන් නෙත් නිවුස් මෙම විමසීම කළේ ද ඊට අදාළවයි.
මේ අතර ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා වූ කොන්දේසි කිසිවක් යුරෝපා සංගමය තවමත් නිළ වශයෙන් දැනුම් දී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියා.
අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කරුණ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු ඇති බවයි.
EmoticonEmoticon