රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දෙවුන්දර තමිල් නම් පාතාල සාමාජිකයා, ගමන් ගනිමින් සිටි බන්ධනාගාර බස්රථයක් පසුපස සැකකටයුතු ලෙස පැමිණි මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී තවත් පාතාල සාමාජිකයින් 04ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
ඔවුන් දෙවුන්දර තමිල්ගේ විරුද්ධවාදී පාතාල කල්ලියක සාමාජිකයින් වන දෙවුන්දර අකිල ඇතුළු පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
දෙවුන්දර තමිල් මීගමුව බන්ධනාගාරයේ සිට මිනුවන්ගොඩ අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී, බන්ධනාගාර නිලධාරීන්ට මෙම සැකකටයුතු රිය නිරීක්ෂණය වී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත්කොට තිබෙනවා.

EmoticonEmoticon