ශාලිකා තහනම එ්කාබද්ධ විපක්ෂයට තවම නොලැබෙයි

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයට ඇතුළුවීම දින 14කට තහනම් කරමින් නිකුත් කෙරුණු අධිකරණ නියෝගය තමන් වෙත තවමත් නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.


කුමන බාධා පැමිණියද ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාලිය සහ රැළිය ඉතා හොඳින් සංවිධාන කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින පෙළපාලිය ආරම්භ කිරීම සඳහා නියම කරගෙන තිබුණේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයෙන්. ඒ අනුව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත මෝටර් රථ සේවක සංගමය විසින් එම කී‍්‍රඩාංගණය වෙන්කර ගැනීමටද කටයුතු කළා. 


කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පසුව දැනුම් දුන්නේ මැයි දින පෙළපාලියක් ආරම්භ කිරීම සඳහා නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණය ලබාදිය නොහැකි බවයි. 

එසේ තිබියදීත් මැයි දිනයදා එම කී‍්‍රඩාංගණයට ඇතුළුවීමට කිසියම් පිරිසක් උත්සහ කරන බවත් ඒ නිසා සාමය කඩවීමක් සිදුවිය හැකි බවත් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (29) දැනුම් දුන්නා. අදාළ තහනම් නියෝගය නිකුත් කෙරුණේද ඒ අනුවයි. 


EmoticonEmoticon